හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම

හෙරොයින් ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

by Staff writer 30-10-2019 | 6:39 PM

COLOMBO (News 1st) - හෙරොයින් ග්‍රෑම් 9.06 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු කරනු ලැබූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද මරණ දඬුවම ලබාදී තිබේ.

රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙක් වන එම විත්තිකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2017 මැයි 14 වැනි දා අත්අඩංගුවට ගනු ලැබුවේ ය. ඔහු හෙරොයින් සහ ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදි 6 ක් තිබෙන පුද්ගලයකු බව අනාවරණ වීම හේතුවෙන් ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙසට විත්තිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරුවරයා මරණ දඬුවම නියම කළේ ය.