හම්බන්තොට සහ මූලටියන සියලු පාසල් හෙටත් වසා තැබේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මූලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙටත් වසා තැබේ

by Staff writer 30-10-2019 | 6:06 PM

COLOMBO (News 1st) - හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මූලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙටත් වසා තැබෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ, අධික වර්ෂාවත් සමග මතුව ඇති ගංවතුර සහ නාය යෑම් අවදානම හේතුවෙනි. මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.