ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවැනි 20යි 20 සටන අදයි

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තීරණාත්මක 20යි 20 දෙවැනි තරගය අදයි: සජීව විකාශය සිරස TV ඔස්සේ

by Staff writer 30-10-2019 | 8:38 AM

COLOMBO (News 1st): තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වේ.

ඒ, ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී ය. ශ්‍රී ලංකාව මීට පෙර ඔස්ට්‍රේලියාවේදී පිට පිට පන්දුවාර විස්සයි 20 තරගාවලි 3ක් ජයගෙන තිබේ. එම අපරාජිත තරගාවලි ජයග්‍රහණ වාර්තාව තව දුරටත් රැක ගැනීමටනම් ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වේ. තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ තරග 1ට 0ක් ලෙස මේ වනවිට ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවේ. ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රිස්බේන්හිදී පන්දුවාර විස්සයි 20 තරගයකට එක්වන පලමු අවස්ථාව මෙයයි. ඔස්ට්‍රේලියාව මෙම ක්‍රීඩාංගණයේ මේ වනවිට සහභාගී වී ඇති පන්දුවාර විස්සයි 20 තරග 4 ම ජයගෙන තිබේ. මේ දක්වා ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පන්දුවාර විස්සයි 20 තරගාවලි 5 ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 4 ක්ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබීම විශේෂත්වයකි. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කසුන් රාජිත වෙනුවට ළහිරු කුමාර හා ලක්ෂාන් සඳකැන් වෙනුවට ඉසුරු උදාන කැඳවීමට වැඩි අවස්ථාවක් පවතින බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේය තව ද ඔවුන් පෙන්වා දෙන්නේ පෞද්ගලික කාරණයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි විස්සයි 20 තරගයට සහභාගී නොවන වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් වෙනුවට බිලි ස්ටැන්ලේක් කැඳවීමට ඉඩ ඇති බව ය. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 1.40 ට ආරම්භ වීමට නියමිත අතර තරගය සජිවීව සිරස TV ඔස්සේ විකාශය කෙරේ.