වෛද්‍ය සේවයේ වෘත්තීන් 21 ක් එක්දින වැඩවර්ජනයක

වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 21ක් අද එක්දින වැඩවර්ජනයක

by Staff writer 30-10-2019 | 6:49 AM

COLOMBO ( News 1st ) - පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 21 ක සමාජිකයින් අද එක්දින වැඩ වර්ජනයක නිරත වේ.

ඒ, ඉල්ලිම් කිහිපයක් ලබා නොදීමට විරෝධය පල කරමින් ය. පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අනුව විකිරණවේදීන්, ඖෂධවේදීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක සාමාජිකයින් ඒ සඳහා එක්ව සිටින බව ය.