මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට - නාවුක සහ ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

by Chathurika Jayasundara 30-10-2019 | 11:40 AM

COLOMBO ( News 1st ) - පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ක් දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවමින් සඳහන් කළේය.

ඒ, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙනි. තද වැසි, තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ හේතුවෙන් දකුණු නිරිත හා බස්නාහිර මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ වැඩි හැකියාවක් පවතින බව ය. මේ සම්බන්ධයෙන් නාවුක සහ ධීවර ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.