උමා ඔය ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට

උමා ඔය සංවර්ධන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට

by Staff writer 30-10-2019 | 6:51 AM

COLOMBO ( News 1st )- උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට පත් කෙරේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ය. ඒ යටතේ අලිකොටආර, ඩයබරා ,පුහුල්පොල හා හඳපානාගල ජලාශ අද විවෘත කිරීමට නියමිත ය. අලිකොටආර ජලාශයේ ධාරිතාව අක්කර අඩි 5200 කි. මීට අමතරව කරඳගොල්ල භූගත ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් ද ජනාධිපතිතුමා අද නිරීක්ෂණය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ලබන වසරේ වැඩ නිම කිරීමට නියමිත එම විදුලි බලාගාරයෙන් ජනනය කිරීමට අපේක්ෂිත විදුලි ධාරිතාව මෙගාවොට් 120 කි.