රිතික් හා ටයිගර් රඟන වෝ චිත්‍රපටය වාර්තාවක් තබයි

බොලිවුඩ් රිතික් හා ටයිගර් රඟන වෝ චිත්‍රපටය වාර්තාවක් තබයි

by Chathurika Jayasundara 30-10-2019 | 11:41 AM

News 1st - සුපිරි බොලිවුඩ් නළුවන් වන රිතික් රෝෂන් සහ ටයිගර් ෂ්රොෆ් ප්‍රධාන චරිත රඟන වෝ චිත්‍රපටය තවත් වාර්තාවක් තබා තිබේ.

ඒ, මේ වසරේදී ඉන්දීය රුපියල් කෝටි 300 ඉක්මවා ආදායම් ඉපැයූ ප්‍රථම බොලිවුඩ් චිත්‍රපටය බවට පත්වෙමින් ය. ක්‍රියාදාම චිත්‍රපටයක් වන වෝ චිත්‍රපටය තැබූ මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ තග්ස් ඔෆ් හින්දුස්ථාන්, සීරෝ සහ බාහුබලී යන චිත්‍රපට පමණි.