පළාත් පාලන ආයතනවල නිල වාහන දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිත කිරීම තහනම්

පළාත් පාලන ආයතනවල නිල වාහන දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිත කිරීම තහනම්

පළාත් පාලන ආයතනවල නිල වාහන දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිත කිරීම තහනම්

කර්තෘ Staff writer

30 Oct, 2019 | 5:26 pm

COLOMBO (News 1st) – පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල වාහන දේශපාලන ප්‍රවර්ධන කටයුතු හෝ දේශපාලන ප්‍රචාරක රැස්වීම් සඳහා සහභාගිවීමට භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිසන් සභාව අවධාරණය කරයි.

එම කොමිසම සඳහන් කළේ, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, සිය නිල වාහන ස්වකීය පළාත් පාලන බල ප්‍රදේශයේ බැහැරව පැවැත්වෙන දේශපාලන රැස්වීම්වලට සහභාගිවීමට හා ප්‍රචාරක කටයුතු මෙන්ම පෝස්ටර්, අත්පත්‍රිකා ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බවට වාර්තා වී ඇති බවයි.

යම් පළාත් පාලන ආයතන ප්‍රධානියෙකු සිය නිල වාහනය භාවිත කරමින් දේශපාලන රැස්වීම්වලට සහභාගිවීම හෝ දේශපාලන කටයුතුවලට නිල වාහන යොදා ගැනීම රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමක් සේ සලකන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල නිවාස ද දේශපාලන පක්ෂ හෝ අපේක්ෂක ප්‍රවර්ධනයට, ජනතා රැස්වීම් හෝ මාධ්‍ය සාකච්ඡා සඳහා යොදාගත නොහැකි බවයි.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී එය සනාථ වුවහොත් මැතිවරණ කොමිසන් සභාවේ විධාන කඩ කිරීමක් සේ සලකා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට හා ඒවායේ පරිපාලනය භාර නිලධාරීන්ට එරෙහිව ක්‍රියා කරන බව ද මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]