මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

30 Oct, 2019 | 6:47 am

දේශීය පුවත්

1. වසන්ත සේනානායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි : වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

2. හම්බන්තොට හා මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා තැබේ : හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මූලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා තැබෙන බව, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි.

3. ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කෙරේ : ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

4. සුඛෝපභෝගී බද්දෙන් කුඩා මෝටර් රථ නිදහස්: මෝටර් වාහනවලට පැන වූ සුඛෝපභෝගී බද්ද කුඩා මෝටර් රථ සඳහා අදාළ නොවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

5.මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වමින් කළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ :මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 10 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.

විදෙස් පුවත්

1. තමිල්නාඩුහි ගැඹුරු වලක සිරව සිටි ‘සුජිත් විල්සන්’ දරුවා ජීවිතක්ෂයට : ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැඹුරු වළක සිරව සිටි දෙහැවිරිදි සුජිත් විල්සන් නැමති දරුවා ජීවිතක්ෂයට පත් ව තිබේ.

ක්‍රීඩා පුවත්

1. බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට වසර දෙකක තරග තහනමක් : බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වසර දෙකක තරග තහනමක් පනවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]