උමා ඔය සංවර්ධන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට

උමා ඔය සංවර්ධන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට

උමා ඔය සංවර්ධන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට

කර්තෘ Staff writer

30 Oct, 2019 | 6:51 am

COLOMBO ( News 1st )- උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට පත් කෙරේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ය.

ඒ යටතේ අලිකොටආර, ඩයබරා ,පුහුල්පොල හා හඳපානාගල ජලාශ අද විවෘත කිරීමට නියමිත ය.

අලිකොටආර ජලාශයේ ධාරිතාව අක්කර අඩි 5200 කි.

මීට අමතරව කරඳගොල්ල භූගත ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් ද ජනාධිපතිතුමා අද නිරීක්ෂණය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ලබන වසරේ වැඩ නිම කිරීමට නියමිත එම විදුලි බලාගාරයෙන් ජනනය කිරීමට අපේක්ෂිත විදුලි ධාරිතාව මෙගාවොට් 120 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]