by Staff writer 29-10-2019 | 4:12 PM
COLOMBO (News 1st): ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එම කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මේ අනුව නොවැම්බර් 16 වැනිදා ඡන්ද විමසීම පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙන බව ය.
අදාළ සංශොධිත වේලාවන් දැක්වෙන ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව ද ඔහු සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාව මෙම තීරණයට එළැඹුණේ අද පෙරවරුවේ පක්ෂ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මෙවර ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවීම මත ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේදී වැඩිපුර කාලයක් ගතවනු ඇති බවට අනුමාන කිරීම, මෙම තීරණය ගැනීමට හේතු වී තිබේ.
මීට පෙර පැවති ඡන්ද විමසීම් සිදුකෙරුණේ පෙරවරු 7 සිට පස්වරු 4 දක්වායි.