සුඛෝපභෝගී බද්දෙන් කුඩා මෝටර් රථ නිදහස්

සුඛෝපභෝගී බද්දෙන් කුඩා මෝටර් රථ නිදහස්

by Staff writer 29-10-2019 | 4:04 PM

COLOMBO ( News 1st ) - මෝටර් වාහනවලට පැන වූ සුඛෝපභෝගී බද්ද කුඩා මෝටර් රථ සඳහා අදාළ නොවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ, මෝටර් සයිකල් සහ මෝටර් ට්‍රයිසිකල් සඳහා ද එම බද්ද අදාළ නොවන බව ය. මීට පෙර එම බද්දට යටත්ව තිබූ ද්විත්ව කැබ් රථ ද ලබන 01 වනදා සිට ඉන් ඉවත් කෙරේ. පසුගිය මාර්තු 6 වනදා සිට එම සුඛෝපභෝගී බද්ද ක්‍රියාත්මක වේ. රුපියල් ලක්ෂ 35ට වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර්රථ සහ ජීප්රථ ආනයනයේදී එම මුදලට පමණක් සුඛෝපභෝගී බදු අය කෙරේ. ඊට අමතරව දෙහුමුන් වාහනවල වටිනාකම රුපියල් ලක්ෂ 40 ඉක්ම වූ විට වැඩිවන මුදලට සහ විදුලියෙන් ක්‍රියාත්මකවන වාහනවල වටිනාකම රුපියල් ලක්ෂ 60 ඉක්ම වූ විට වැඩිවන මුදලට සුඛෝපභෝගී බදු අය කෙරේ මේ අතර සිලින්ඩර් ධාරිතාව මත අය කරන බද්ද ද ලබන පළමු වනදා සිට ඉවත් කෙරේ. ඊට අමතරව ලබන 31 වනදා තෙක් ණයවර ලිපි විවෘත කර ලබන වසරේ අප්‍රේල් 21 වනදාට පෙර ආනයනය කර, නිශ්කාෂණය කරන වාහන ද සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වේ.