වාහන ලියාපදිංචිය:එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවයි

වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 29-10-2019 | 9:56 AM

COLOMBO (News 1st) - කාණ්ඩ කිහිපයකට අයත් වාහනවල ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ, කාණ්ඩ අංක 64, 65, 32, ජී ඒ සිට ජී ඉසෙඩ් දක්වා, එච් ඒ සිට එච් ඉසෙඩ් දක්වා කාණ්ඩවලට අයත් සියලු වාහනවල අදාළ එක්දින සේවාවන් මෙලෙස අත්හිටවූ බවයි. මේ අතර සියලු මෝටර් කාර් පන්තියට ගැණෙන රථ සහ වෑන් රථ, කැබ්, ජීප් රථ සහ ලොරි රථවල එක්දින සේවා ද තාවකාලිකව නතර කර ඇති බව සඳහන් ය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ, මෙම කාණ්ඩවලට අයත් වාහනවල ලිපිගොනු පරීක්ෂා කිරීම හේතුවෙන් මෙලෙස එක්දින සේවාව අත්හිටවූ බවයි. ලිපිගොනු පරීක්ෂා කිරීම අවසන් වූ වහාම ඉදිරියේදී නැවතත් එක්දින සේවාව ආරම්භ කරන බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ ය.