'බිගිල්' දින 3 ක් තුළ ඉන්දීය රු. කෝටි 100 ඉක්මවයි

බිගිල් චිත්‍රපටය දින 3 ක් තුළ ඉන්දීය රු. කෝටි 100 ඉක්මවයි

by Staff writer 29-10-2019 | 10:19 AM

News 1st - සුපිරි දකුණු ඉන්දීය නළු විජේ ප්‍රධාන චරිත රඟන බිගිල් චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම් ඉපැයීමට සමත්ව තිබේ.

ඒ, එම චිත්‍රපටයේ තිරගත කිරීම් අරඹා දින 3 කට පසුවයි. මෙම චිත්‍රපටය නොබෝදිනකින් සර්කාර් සහ ටූ චිත්‍රපට ද ඉක්මවා ආදායම් උපයනු ඇතැයි සිනමා විචාරකයින් මත පළ කරති. බිගිල් චිත්‍රපටය ඔස්කාර් සම්මානනීය සංගීතඥ ඒ. ආර්. රහුමාන්ගේ සංගීත අධ්‍යක්ෂණයක් වන අතර ආට්ලී කුමාර්ගේ අධ්‍යක්ෂණයකි.