ශකීබ් අල් හසන්ට වසර දෙකක තරග තහනමක්

බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට වසර දෙකක තරග තහනමක්

by Staff writer 29-10-2019 | 6:40 PM

COLOMBO ( News 1st ) - බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වසර දෙකක තරග තහනමක් පනවා තිබේ.

ඒ, මුදලට තරග පාවාදීම සදහා ඔහුට යෝජනා ඉදිරිපත් කළ තැරැව්කරුවන් පිළිබදව තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන්. මේ අතර ඔහු එළැඹෙන ඉන්දීය තරග සංචාරයට එක් නොවනු ඇති බව ද වාර්තා විය.