පොළොන්නරුවේ පාසල් 5ක් ජාතික පාසල් ලෙස නම් කෙරේ

පොළොන්නරුවේ පාසල් 5ක් ජාතික පාසල් ලෙස නම් කෙරේ

by Staff writer 29-10-2019 | 11:14 AM

COLOMBO ( News 1st ) - පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් 05 ක් ජාතික පාසල් ලෙස නම් කර තිබේ.

ඒ, තෝපාවැව මහා විද්‍යාලය, කඳුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය, විලයාය මහා විද්‍යාලය, දිවුලන්කඩවල මහා විද්‍යාලය සහ බකමූණ මහසෙන් විද්‍යාලයි. ඒ සඳහා වන උත්සවය උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාවට නංවන ලද "පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන" යටතේ මෙම පාසල් ජාතික පාසල් බවට පත් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.