by Staff writer 29-10-2019 | 2:25 PM
COLOMBO (News 1st) - නුවරඑළිය සිට නානුඔය දෙසට ලෙඩුන් රැගෙන ගොස් නැවත එමින් සිටි ගිලන් රථයක් මාර්ගයෙන් ලිස්සා අසළ තිබූ බෑවුමකට පෙරළි ගොස් තිබේ.
එය ඩයගම රෝහලට අයත් ගිලන් රථයකි.
පසුගිය 27 වන දින මෙම අනතුර සිදු ව ඇත්තේ, නුවරඑළිය, බංගල 07 ප්‍රදේශයේදී ය.
අනතුරෙන් තුවාල ලැබූ රියැදුරු නානුඔය රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරට පත් ගිලන් රථය ක්‍රේන් රථයකින් ගොඩ ගැනීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නැවතත් එම බෑවුමටම පෙරළි ගොස් තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, පසුව මහත් පරිශ්‍රමයක් දරා මෙම ගිලන් රථය නැවත ගොඩගෙන ඇති බවයි.