මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

29 Oct, 2019 | 6:18 am

දේශීය පුවත්

1. රන්ජන්ගෙන් ගෝඨාභයට ප්‍රශ්න පත්‍රයක්: රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රශ්න කිහිපයක් යොමුකර තිබේ.

2. සජිත් ප්‍රේමදාසගේ තරුණ ප්‍රඥප්තිය එළිදකී: නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ තරුණ ප්‍රඥප්තිය ඊයේ එළි දැක්විය.

3. බැදුම්කර වංචාව, පර්පචුවල් ටෙෂරීස් සමාගමේ ගිණුම් පිළිබඳව වෝහාරික විගණනයක්: 2015 වසරේ පෙබරවාරි 27 වැනි දා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වූ වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ටෙෂරීස් සමාගමට අදාළ බැංකු ගිණුම් පිළිබඳව වෝහාරික විගණනයක් කිරීමට මහ බැංකුව අවශ්‍ය පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

4. මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් යයි: හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි 17 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේ ය.

විදෙස් පුවත්

5. ඉරාකයේ විරෝධතාකරුවන් 74 ක් මරුට: ඉරාකයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් සහ ආරක්ෂක අංශ අතර හටගත් ගැටුම්වලින් දින දෙකක කාලය තුළ විරෝධතාකරුවන් 74 දෙනෙකු මියගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]