සජිත් ප්‍රේමදාසගේ තරුණ ප්‍රඥප්තිය එළිදකී

සජිත් ප්‍රේමදාසගේ තරුණ ප්‍රඥප්තිය එළිදකී

by Staff writer 28-10-2019 | 6:10 PM

COLOMBO ( News 1st ) - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ තරුණ ප්‍රඥප්තිය අද එළි දැක්වුණි.

ඒ සඳහා වන උත්සවය පැවැත්වුණේ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ය. එම අවස්ථාවට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. තරුණ ප්‍රජාව සමග සජිත් ප්‍රේමදාස මහතා එහිදී සමාජ ගිවිසුමකට එළැඹීම විශේෂත්වයකි.