'කුඩු දිලීප' ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කුඩු දිලීප' 11 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 28-10-2019 | 6:13 PM

COLOMBO (News 1st) - ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකු වන දිලීප තරංග හෙට්ටිආරච්චි නොහොත් 'කුඩු දිලීප' නැමැත්තා ලබන 11 වැනි දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 'කුඩු දිලීප' අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ. ගිනි අවි 2 ක් සහ මන්නා පිහි 2 ක් සමග කුඩු දිලීප නැමැත්තා අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ ය.