මෙනන් ඝාතනය : කඩුවෙල තරුණයෙක් අත්අඩංගුවට

මෙනන් ඝාතනය : කඩුවෙල තරුණයෙක් අත්අඩංගුවට

by Staff writer 28-10-2019 | 9:15 AM
COLOMBO (News 1st) : ජම්පටාවීදිය ප්‍රදේශයේදී වෙඩි තබා මනිවානන් චේතන් සූරියනාත් හෙවත් මෙනන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත් අඩංගුවට ගත් බවයි. වෙඩි තැබීමට භාවිත කළ යතුරු පැදිය මෙන්ම ජංගම දුරකතන 2 ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. අදාළ ඝාතනය සිදුව තිබුණේ, පසුගිය 8 වනදායි.