මහින්දානන්දට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

by Staff writer 28-10-2019 | 5:03 PM

COLOMBO ( News  1st ) - හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේ ය.

ඒ, අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් යොදවා බොරැල්ල කිංසි පාරේ පිහිටි සුවිසල් නිවසක් මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට අදාළව ය. විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 6 දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ‍ලෙසට සිතාසි යැවීමට ද මහාධිකරණ විනිසුරුවරයා අද නියෝග කළේ ය.