මස්කෙලියේදී මල් වෙඩි දැල්වීමට ගිය පුද්ගලයෙක් මරුට

මස්කෙලියේදී මල් වෙඩි දැල්වීමට ගිය පුද්ගලයෙක් මරුට

by Staff writer 28-10-2019 | 1:34 PM
COLOMBO (News 1st) : මස්කෙලිය, ගවරවිල පොදු ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයකදී මල් වෙඩි දැල්වීමට යාමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 10.30 ට සිද්ධියෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා මස්කෙලිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, ස්ට්‍රස්බි වත්තේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.