by Staff writer 28-10-2019 | 6:21 PM
COLOMBO ( News 1st ) - 2015 වසරේ පෙබරවාරි 27 වැනිදා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වූ වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ටෙෂරීස් සමාගමට අදාළ බැංකු ගිණුම් පිළිබඳව වෝහාරික විගණනයක් කිරීමට මහ බැංකුව අවශ්‍ය පියවර ගෙන ඇතැයි, නීතිපතිවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නිතීඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නේ, පර්පෙෂුවල් ට්‍රේෂරීස් සමාගමට අනුබද්ධිත සමාගක් වන ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමට අයත් ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ය.
අර්ජුන් ඇලෝසියස් මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
නඩුව ලබන වසරේ මාර්තු 3 වනදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ ය.