ජපාන සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

ජපාන සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

by Staff writer 28-10-2019 | 8:06 AM
COLOMBO (News 1st) : ජපානයේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේ ය. පසුගිය 21 වන දා ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගියේ ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහායි. සංචාරය අතරතුර ජනාධිපතිවරයා ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකුඩා මහතා ද හමුවී සාකච්ඡා කර තිබේ.