by Staff writer 28-10-2019 | 9:27 AM
COLOMBO (News 1st) : ඉරාකයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් සහ ආරක්ෂක අංශ අතර හටගත් ගැටුම්වලින් දින දෙකක කාලය තුළ විරෝධතාකරුවන් 74 දෙනෙකු මියගොස් තිබේ.
මේ අනුව සිසුන් දහස් ගණනක් ඉරාකයේ බෑග්ඩෑඩ් අගනුවර තරීර් චතුරස්‍රයට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මේ අතර ඉරාක රාජ්‍යවිරෝධී උද්ඝෝෂණ සඳහා එරට සිසුන් ද එක්ව තිබේ.
ඉරාකයේ ඇතැම් පාසල් සහ විශ්වවිද්‍යාල මේ හමුවේ වසා දැමුණු අතර සිසුන්ගෙන් ඇතමකු විශ්වවිද්‍යාල තුළ විරෝධතාවල නිරතවිය.
මෙම විරෝධතාකරුවන්ට ඉරාක පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විරෝධතා හමුවේ තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 77කි.
ඉකුත් ඔක්තෝබර් මාසයේ මෙම විරෝධතා ඇරඹුනේ අග්‍රාමාත්‍ය ඇඩෙල් අබ්දුල් මාදි ගේ රජයට එරෙහිවයි.
ඉරාක රජය ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට අපොහොසත් වූ බව විරෝධතාකරුවෝ පවසති.
ඒ අනුව ඉකුත් ඔක්තෝබර් මාසයේ පැවති විරෝධතාවලින් පුද්ගලයන් 231 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.