අධික වැසි හේතුවෙන් පුත්තලමේ පවුල් රැසක් පීඩාවට

අධික වැසි හේතුවෙන් පුත්තලමේ පවුල් රැසක් පීඩාවට

by Staff writer 28-10-2019 | 5:06 PM

COLOMBO ( News 1st ) - අධික වැසි හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 8257ක පුද්ගලයින් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ පී.ඒ.ජේ.රොද්‍රිගෝ මහතා සඳහන් කළේ, පවුල් 371ක පුද්ගලයින් ආරක්ෂිත කඳවුරු 11ක රඳවා සිටින බව ය. ගසක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් 3ක් තුවාල ලබා ඇතැයි ඔහු පැවසුවේ ය. අධික වැසි සහ සුළං හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 7කට අර්ධ හානි සිදුව තිබේ. පීඩාවට පත් පුද්ගලයින්ට සහන ලබාදීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව පී.ඒ.ජේ.රොද්‍රිගෝ මහතා ප්‍රකාශ කළේ ය.