by Staff writer 28-10-2019 | 7:48 AM
COLOMBO (News 1st) : දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් එලෙස මිලිමීටර් 150 - 200ත් අතර වැසි ඇතිවිය හැකි බවයි.
තව ද අද දිනයේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද මිලිමීටර් 100ක පමණ වැසි අපේක්ෂා කෙරේ.
දිවයින ආශ්‍රිත සුළඟේ වේගයට පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසී ය.
වැසි ඇති වන අවස්ථාවේ දැඩි සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර එක්දින ධීවර යාත්‍රා සහ කුඩා ධීවර යාත්‍රා අද දිනයේ මුහුදු යෑමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ බෙංගාල මුහුදු ප්‍රදේශයේ දැනට ධීවර කටයුතුවල නිරත ධීවරයින් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවයි.