ISIS නායකයා මරුට?

ISIS සංවිධානයේ නායකයා මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරාවා ගත් බවට වාර්තා

by Staff writer 27-10-2019 | 1:22 PM

News 1st - ISIS සංවිධානයේ නායක අබුබකර් අල් බග්දාදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලක් පුපුරුවාගෙන ඇති බවට වාර්තා වන බව අමෙරිකාවේ CNN පුවත් සේවය පවසයි.

ඒ, ඔහු ඉලක්ක කර සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශය ආශ්‍රිතව අමෙරිකානු හමුදා ක්‍රියාත්මක කළ මෙහෙයුමක් අතරතුරදීය. එලෙස මිය ගිය පුද්ගලයා IS නායකයා ද යන්න, ඩී.එන්.ඒ පරීක්ෂණයකින් තහවුරු කරගත යුතු වේ. අමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් ඔත්තුවකට අනුව එරට හමුදා එම මෙහෙයුම දියත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතයි. එරට වේලාවෙන් පෙරවරු 9.00 ට පමණ ධවල මන්දිරයේදී එම ප්‍රකාශය සිදු කරනු ඇති.