COLOMBO (News 1st) : හොරු ඇල්ලීමට රජය ඉඩ නොදුන්නේ නම්, ඊට ඇති විසඳුම සොරුන් සමග එකතු වීම දැයි, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එෆ් සී අයි ඩී හිටපු ප්‍රධානියාගෙන් ප්‍රශ්න කර සිටී.
"දැන් එෆ් සී අයි ඩී එකේ හිටපු ලොක්කත් පොහොට්ටුවේ වේදිකාවෙ.ඒ අය කියනවනම් හොරු අල්ලන්නට රජය ඉඩ දුන්නැ කියල එහෙම නම් ඒකට තියෙන විසදුම හොරුන් එක්ක එකතු වීමද කියල මං අහනවා?පොලීසියෙන්ම කරපු ක්‍රියාවලියෙන් මොහු විවිධ පුද්ගලයන්ගෙන් මහා කප්පම් ගත්තයි කියන එක දැන් එළිදරව් වෙලා තියෙනවා.ඒ වගේම එෆ් සී අයි ඩී අංශයේ තියෙන ඒ රහස් වාර්ථා රහස් ලිපි ගොනු ගෝඨාභය රාජපක්ෂට ලබාදුන්නයි කියලා.අන්න ඒ න්සා අප කවුරු මිලදී ගත්තත් මේ අයගේ සොරකම්,වංචා අධිකරණය ක්‍රමය තුළ ඉදිරියේ දීත් ඔප්පු කරණ ක්‍රියාවලිය අපි කිසිසේත්ම අතාරින්නෑ"
මේ අතර මේ වනවිට නාමල් රාජපක්ෂට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ත් පැවසී ය.
''මේ වන කොට නාමල් රාජපක්ෂට එරෙහිව මේ වර්ථා උසාවියට සපයල තියෙනවා. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව,බැසිල් රාජපක්ෂට එරෙහිව ඒ වගේම පවුලේ අනෙකුත් හොරකම් කරපු අය වෙනුවෙන්.ඇත්තවශයේම මේක හොර කල්ලියක් විදිහට කටයුතු කරල තියෙන්නේ.ඒ නිසා අද ඒ කුමන්ත්‍රණය පිටිපස්සෙ සිටින ඡායා හෙළිදරවු වෙලා තිබුණා. අපි ඒ කටයුත්ත ඉදිරියේදී නීතිමය වශයෙන් ඉදිරියට ගෙන යනවයි කියන සහතිකය දෙනවා''
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.