'රනාල දිලීප' වැල්ලම්පිටියේදී STF භාරයට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'රනාල දිලීප' වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

by Staff writer 27-10-2019 | 12:03 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු හෙරොයින් ජාවාරම්කරුවෙකු හා කප්පම් කල්ලි සාමාජිකයෙකු වන 'රනාල දිලීප' වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, විදේශ රටක නිෂ්පාදිත වායු පිස්තෝලයක් සමග අද අලුයම සැකකරු අත්අඩංගුවට ගත් බවයි. 'රනාල දිලීප' හෙවත් දිලිප් තරංග හෙට්ටිආරච්චි නැමති 29 හැවිරිදි එම සැකකරු නාගහමුල්ල පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය පොලීසියට භාර දුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.