ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය අද ඇරඹේ

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය අද ඇරඹේ, සජීවීව විකාශය සිරස TV ඔස්සේ

by Staff writer 27-10-2019 | 7:15 AM

News 1st - තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.

දෙරට අතර පළමු තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.00 ට පැවැත්වෙන්නේ ඇඩිලේඩ්හීදියි. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇඩිලේඩි පිටියේදී මේ දක්වා එක් 20 යි 20 තරගයක් පවත්වා ඇති අතර 2017 වසරේ පැවති එම තරගය ඔස්ට්‍රේලියාව ලකුණු 41 කින් ජය ගත්තේ ය. 2007 වසරේ සිට ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා 20 යි 20 ක්‍රිකට් තරග ඉතිහාසය තුළ මේ දක්වා අන්තර්ජාතික 20 යි 20 ක්‍රිකට් තරග 13 කදී ඔවුන් මුණගැසී තිබේ. ඉන් තරග 8 ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගද්දී ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති තරග ගණන 5 කි. මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක සීන් ඇබෝට් කැඳවා තිබේ. ඒ, වැලමිටක ආබාධයක් හේතුවෙන් එම තරගාවලියෙන් ඉවත් කෙරුණු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘටයි වෙනුවටයි. තරගය සිරස TV ඔස්සේ සජීවීව විකාශය කෙරෙනු ඇති.