COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාරගතව සිටින පිල්ලයාන් හෙවත් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හමුවිය.
මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හමු වූයේ මඩකලපුව බන්ධනාගාරයේදී යි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,
අපි දීපාවලියට සුබ පතනවා. ඒ වගේම වතුකරයේ කණගාටුදායක සිද්ධියක් තියනවා. වෙනදාට දීපාවලි ඇඩ්වාන්ස් එකක් දෙනවා. ඒ ඇඩ්වාන්ස් එක අද වෙනකන් දීලා නෑ වතුකම්කරුවන්ට. ඉතින් අපි ඒකටත් විරෝධය පළ කරමින් අද මේ ස්ථානයට ආවා පිල්ලයාන් මහත්තයා බලන්න. ඊයේ රැස්වීමක් තිබුණේ එහිදී ඔහුගේ දෙමාපියන් හමුවුණා. අද ඔහුව බලලා සුවදුක් බලාගෙන යනවා. ඇත්ත වශයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවට අපි කියනවා මේ පාර හරි තීන්දුව ගන්න. වැරදි තීන්දු ගන්නේ නැතුව කියලා.