by Staff writer 27-10-2019 | 3:36 PM
COLOMBO ( News 1st ) - යාපනය, පුංකුඩිතිව් කුරිකට්ටුවාන් ජැටිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, එහිදී ඩිංගි යාත්‍රා 4ක්, පිටත දහන යන්ත්‍ර 04 සහ තහනම් දැල් 03 ක් ද සිය භාරයට ගත් බව ය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් කයිට්ස් ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
නීතිමය කටයුතු සඳහා ඔවුන් යාපනය ධීවර හා ජලජ සම්පත් කාර්යාලයට භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේ ය.