දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි

by Staff writer 27-10-2019 | 5:50 PM
COLOMBO (News1st) : දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 150 ඉක්මවු වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ක වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. මේ අතර රාජාංගනය, තබ්බෝව හා දැදුරුඔය යන ජලාශවල වාං දොරටු විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසී ය.