by Staff writer 27-10-2019 | 3:44 PM
COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණ රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය නිලධාරින් 200,000කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිත බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ජේ.ඒ.එස්.පී. ජයසිංහ මහතා පවසයි.
ඔහු පැවසුවේ ඡන්දපොළ හා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ රාජකාරි සඳහා අදාළ රාජ්‍ය නිලධාරින් යොදවන බව ය.
ඡන්දය ගණන් කිරීමේ රාජකාරි සඳහා පමණක් රාජ්‍ය නිලධාරීන් 48,000ක් යෙදවීමට නියමිත අතර ඡන්දපොළ කාර්ය මණ්ඩල සඳහා රාජ්‍ය නිලධාරින් 98,000ක් පමණ යොදවන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ ය.
සුබසාධන හා ප්‍රවාහන ආදී කටයුතු සඳහා නිලධාරීන් 10,000ක් ද යෙදවීමට නියමිත ය.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම් සිදුවන ඡන්ද මධ්‍යස්ථානවල අවම වශයෙන් නිලධාරින් 08 ක් පමණ රාජකාරියේ නියැලෙන බව ද එම නිලධාරින්ගේ සංඛ්‍යාව එක් එක් ඡන්දපොළ අනුව වෙනස් විය හැකි බව ද ඔහු පැවසුවේ ය.
නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ මේ වනවිටත් මැතිවරණ රාජකරිවලට රාජ්‍ය නිලධාරීන් යෙදවීමේ කටයුතු සිදු කරමින් පවතින බව ය.