මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවන ලකුණු

ගිනිකොණ මුහුදු ප්‍රදේශයේ කැලඹිලි ස්වභාවයක්, වැසි තත්ත්වයේ ද වැඩි වීමක්

by Staff writer 27-10-2019 | 2:38 PM

COLOMBO ( News 1st ) - දිවයිනට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ලබන 30 වනදා දක්වා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, මාතර සිට හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රීකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමිටර් 70-80 දක්වා ඉහළ යා හැකි බව ය. මේ අතර කුඩා යාත්‍රා සහ එක්දින යාත්‍රා ධීවරයින් මේ පිළිබඳව සැළකිලිමත් විය යුතු බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා පවසයි.