අමෙරිකානු මෙහෙයුමකින් ISIS ත්‍රස්ත නායකයා මරුට

අමෙරිකානු මෙහෙයුමකින් ISIS ත්‍රස්ත නායකයා ජීවිතක්ෂයට

by Staff writer 27-10-2019 | 9:29 PM
IS ත්‍රස්ත නායක අබු බකර් අල් බග්ඩඩි සිරියාවේ ඊසානදිග ප්‍රදේශයේ අමෙරිකානු හමුදා මෙහෙයුමක් අතරතුරදී ජීවිතක්ෂයට පත්වූ බව අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බග්දාදි ඉඩ්ලිබ් ප්‍රදේශය ආශ්‍රිතව අමෙරිකානු හමුදා මෙහෙයුමක් කළ බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ, ISIS සංවිධානයේ නායක අබුබකර් අල් බග්දාදි ජීවිතක්ෂයට පත් වූ බවයි. අමෙරිකානු බුද්ධි අංශ නිලධාරින් ලබාදුන් ඔත්තුවකට අනුව අමෙරිකානු හමුදා එම මෙහෙයුම් දියත් කර තිබිණ. අබු බකර් අල් බග්ඩඩි ඝාතන මෙහෙයුම විස්තර කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, එය ඉතා අනතුරුදායක මෙහෙයුමක් වුවත් අමෙරිකානු සෙබළුන් කිසිවකු එම මෙහෙයුමෙන් මිය නොගිය බවයි. අමෙරිකානු හමුදා මෙහෙයුම හමුවේ අයි එස් ත්‍රස්ත නායකයා මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් පුපුරුවාගනිමින් සියදිවි හානිකරගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ අතර ඉන් දරුවන් තිදෙනෙකු ද මියගොස් ඇති බව සඳහන් ය. 2010 වසරේදී අයි එස් ත්‍රස්ත නායකයා බවට පත්වූ අබුබකර් අල් බග්ඩඩි , 2014 වසරේදී සිරියාව සහ ඉරාකය ඉස්ලාමීය රාජ්‍යයන් බවට ප්‍රකාශයට පත්කළේ ය. 1971 වසරේ බෑග්ඩෑඩ් නුවර සමාරාහි උපත ලැබූ බග්ඩඩි සැලකෙන්නේ සංවිධානාත්මක ශක්තියෙන් ඉහළ අනුකම්පා විරහිත ත්‍රස්ත නායකයකු ලෙසයි .