සේනා යළි හිස ඔසවන ලකුණු

අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල සේනා යළි ව්‍යාප්ත වන ලකුණු

by Staff writer 27-10-2019 | 11:44 AM

COLOMBO (News 1st) - අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල බඩ ඉරිඟු වගාව ආශ්‍රිතව සේනා දළඹු ව්‍යාප්තියක් යළි දක්නට ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ, එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීම වැළැක්වීම අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. මෙවර මහ කන්නයේදී හෙක්ටයාර 8000 - 9000 ත් අතර බිම් ප්‍රමාණයක බඩ ඉරිඟු වගා කිරීමට අපේක්ෂා කෙරෙනු ඇත. ලබන දෙසැම්බර් 31 වැනි දායින් පසු බඩ ඉරිඟු ආනයනය කිරීම අත්හිටුවීමට ආණ්ඩුව මේ වන විටත් තීරණය කර අවසන් වේ.