මිනුවන්ගොඩ පොල් කර්මාන්ත ශාලාවක ගින්නක්

මිනුවන්ගොඩ පොල් කර්මාන්ත ශාලාවක ගින්නක්

by Staff writer 26-10-2019 | 3:47 PM

COLOMBO ( News 1st ) - මිනුවන්ගොඩ, මානම්මන ප්‍රදේශයේ පොල් කර්මාන්ත ශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. 

පොලීසිය සඳහන් කළේ, කර්මාන්ත ශාලාවේ පොල් වේළීමේ උෂ්ණත්වය හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ය. මිනුවන්ගොඩ පොලීසිය සහ ගිනිනිවීම් ඒකකය එක්ව ගින්න මැඩපවත්වමින් සිටී. ගින්නෙන් තුවාල හෝ ජිවිත හානි කිසිවක් වාර්තා වී නැතැයි පොලීසිය සඳහන් කළේ ය.