ගෙවුණු පැය 24දී ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 148ක්

ගෙවුණු පැය 24 තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 148ක්

by Staff writer 26-10-2019 | 3:14 PM

COLOMBO ( News 1st ) - පැය 24 ක කාලයක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 148ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඊයේ පස්වරු 4.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා 2ක්, නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 135ක් සහ වෙනත් පැමිණිලි 11ක් ලැබී ඇති බව ය. පසුගිය 8 වනදා සිට ඊයේ දිනය දක්වා ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1766 ක් ලැබී තිබේ.