කොහුවල රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

කොහුවල යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

by Staff writer 26-10-2019 | 3:02 PM

COLOMBO ( News 1st ) - කොහුවල, වලව්වත්තපාර මංසන්ධියේදී අද අලුයම සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, පැපිලියාන මාර්ගය හරහා ගම්සභා මංසන්ධිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසු පැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ එලෙස මියගොස් ඇත්තේ, බොරලැස්ගමුව හා කොහුවල ප්‍රදේශවල පදිංචි 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.