ධීවරයින් 18කට නිදහස

ඉන්දීය අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයින් 18ක් නිදහස් කිරීමට පියවර

by Staff writer 26-10-2019 | 2:45 PM

COLOMBO ( News 1st ) - ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් 18 දෙනෙකු නිදහස් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දීපවාලි උත්සවයට සමගාමීව ඔවුන් නිදහස් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බව ය. එම පිරිස දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය සමග ඒකාබද්ධව කටයුතු කරමින් ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.