අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදැක්වෙයි

අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදක්වයි

by Staff writer 26-10-2019 | 7:13 AM

COLOMBO (News 1st) - ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද පෙරවරුවේ එළිදැක්වේ.

එය නම් කර ඇත්තේ, අනුර සමග රට හදන හැටි යන්න ලෙසයි. ඒ සඳහා වන උත්සවය කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර ජාතික ජන බලවේගයේ ජන රැළියක් ඊයේ කන්තලේ නගරයේදී පැවැත්විය. ඒ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.