by Staff writer 26-10-2019 | 5:47 PM
COLOMBO ( News 1st ) - අද රාත්‍රියේ සිට දිවයිනේ පළාත් කිහිපයකයට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විශේෂයෙන් උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව ය.
හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, දිවයිනට ගිනිකොණ දෙසින්වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි.
තද වැසි, තද සුළං හා මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා වැඩි විය හැකි බව ය.
ඒ, පිළිබඳ අවදානයෙන් සිටින ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂක පද්මප්‍රිය තිසේරා මහතා ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ ය.
කළුතර, රත්නපුර, කෑගල්ල හා බදුල්ල දිස්ත්‍රික්කවලට පැන වූ නාය යාමේ අවදානම් නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.