සියලු දෙමළ මාධ්‍ය පාසල්වලට ලබන සඳුදා නිවාඩු

සියලු දෙමළ මාධ්‍ය පාසල්වලට ලබන සඳුදා නිවාඩු

by Staff writer 25-10-2019 | 1:06 PM
COLOMBO (News 1st) - මුස්ලිම් පාසල් හැර සියලු දෙමළ මාධ්‍ය පාසල් සඳහා ලබන සඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, ලබන ඉරිදාට යෙදෙන දීපවාලි උත්සවය හේතුවෙන් මෙම තීරණය ගත් බව ය. එම නිවාඩු දිනය වෙනුවට වෙනත් සුදුසු දිනයක පාසල් පවත්වන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.