සා/පෙළ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සඳුදා

සා/පෙළ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සඳුදා

by Staff writer 25-10-2019 | 7:17 AM
COLOMBO (News 1st) - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සඳුදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ලබන 8 වන දා දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව ය. ඒ සඳහා පරීක්ෂණ මණ්ඩල 1295ක් පත් කර ඇති බව ඔහු පැවසුවේ ය ඒ අනුව සංගීතය, නැටුම්, නාට්‍ය හා රංග කලාව යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.