ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා තරගාවලිය සිරස TV ඔස්සේ

ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා 20 යි 20 තරගාවලිය සජීවිව සිරස TV ඔස්සේ

by Staff writer 25-10-2019 | 7:50 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ සජීව විකාශය සිරස TV වෙත හිමිව තිබේ.

ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3 ක් ඇතුළත් ය. එහි පළමු තරගය ලබන ඉරිදා ඇඩිලේඩ්හිදී පැවැත්වේ. තරගය මෙරට වේලාවින් උදෑසන 9.00 ට ආරම්භ වීමට නියමිතයි. පළමු තරගය - උදෑසන 9.00 ට ඇඩිලේඩ්. දෙවැනි තරගය - සවස 1.40 ට බ්‍රිස්බෙන්. තෙවැනි තරගය - නොවැම්බර් 1 වැනි දා සවස 1.40 ට මෙල්බන්. දෙවැනි තරගය ලබන 30 සහ තෙවැනි සහ අවසන් පන්දුවාර 20යි 20 තරගය නොවැම්බර් මස පළමු වැනිදා පැවැත්වේ. මෙම තරගාවලියේ සියලු තරග සිරස TV ඔස්සේ ඔබට සජීවිව නැරඹිය හැකියි.