by Staff writer 25-10-2019 | 2:56 PM
COLOMBO ( News 1st ) - මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දුෂණ සොයන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබේ.
ඒ, මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ය.
මීට අදාළ දැනුම්දීම අද පෙරවරුවේ සිදු කළ බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය.
මේ අතර පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමට ලැබුණු තවත් පැමිණිලි 6ක විමර්ශන අවසන් කර තිබේ.
එම කොමිසම සඳහන් කළේ, පැමිණිලි 07ක විමර්ශන අවසන් අදියරේ පවතින බව ය.
විමර්ශන අවසන් කළ පැමිණිලි අතර මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය, සුරක්ෂා ප්‍රතිරක්ෂණය, ස්වාධීන රූපවාහිනි ආයතනයේ වංචා සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හිටපු අධ්‍යක්ෂකවරයාගේ දූෂණ හා වංචා සම්බන්ධ පැමිණිලි ද වේ.
ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, මෙම පැමිණිලි සියල්ල ලබන 31 වනදාට පෙර විමර්ශනය කර අවසන් කිරීමෙන් අනතුරුව කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දෙන බව ය.
මීට පෙර කොමිසමේ වාර්තා 2ක් ජනාධිපතිතුමාට පිළිගන්වා ඇති අතර, එම වාර්තාවලින් විමර්ශන අවසන් කළ පැමිණිලි 15කට අදාළ නිර්දේශ ඉදිරිපත් කෙරිණි.