by Staff writer 25-10-2019 | 3:11 PM
COLOMBO ( News 1st ) - උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදී පිළිපැනීමකට ලක්වීම හේතුවෙන් ය.
දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, අද දහවල් එම දුම්රිය පීළි පැනීමට ලක් වූ බව ය.
දුම්රිය පීළිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.